උත්සව සමයේ බිත්තර මිල රුපියල් 35 සීමාවේ තියාගන්න බිත්තර නිෂ්පාදකයින් තීන්දු කරයි

උත්සව සමයේ බිත්තර මිල සැලකිය යුතු අඩු මට්ටමකින් පවත්වාගෙන යාමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව, මේ වන විට වෙළද පොලේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 ට අඩු මට්ටමකින් පවතී.

බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ ග්‍රෑම් 50 ට අඩු සාමාන්‍ය බිත්තරයක් රුපියල් 30 සහ 32 අතර මිලකටත්, ග්‍රෑම් 50 ට වැඩි බිත්තරයක් රුපියල් 33 සහ 35 අතර මිලකටත් අලෙවි කිරීමට කටයුතු කර ඇති බවයි.

පසුගිය වසරේ දෙසැම්බරයේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 65 ත් 70 ත් අතර අගයක් ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *