දන්නේ නෑ,මතක නෑ – මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම ගැන ඇසූ විට ගෝඨාභය රාජපක්ෂ කියයි

දේශපාලන ක්‍රියාධරයන් දෙදනෙකු වූ ලලිත් සහ කූගන් අතුරුදන් වීම සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීම සදහා ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

ලලිත් සහ කූගන් අතුරුදන්ව තිබුනේ, ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ පාලනය ත-ුළයි.

ඒ කාල වකවානුව තුළ දී තවත් පැහැරගෙන යාම් කිහිපයක් ම වාර්තා වී තිබුණි, ඉන් එක් ප්‍රධාන සිදුවීමක් වූවේ, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිදුවීමයි.

පැහැර ගැනීමට ලක් වූ කීත් නොයාර් පසුව මුදා හැර තිබුණි.

කීත් නොයාර් පැහැර ගැනීමට ලක්ව ඇති බව නිසැකවම දැන ගැනීමෙන් පසුව, ඔහු සේවය කළ “ද නේෂන්” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ ලලිත් අලහකෝන් නැමති අය, ගෝඨාභය රාජපක්ෂට ඒ පිළිබදව දැනුම් දී තිබේ.

ඊට අමතරව, ලලිත් අලහකෝන් විසින්, කීත් නොයාර් පැහැර ගැනීම පිළිබදව අනෙකුත් දේශපාලනඥයන්, විදෙස් තානාපති කාර්යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ ජාත්‍යන්තර මාධ්‍ය ආයතන ද දැනුවත් කර තිබේ.

අද, ගෝඨාභය රාජපක්ෂගෙන් කීත් නොයාර් පැහැර ගැනීමේ සිදුවීම පිළිබදව, ප්‍රශ්න කළ විට, ඔහු ලබා දී තිබෙන පිළිතුර වන්නේ, “මට මතක මතන නෑ”, සහ “මං දන්නේ නෑ..!” යන්නයි.

කීත් නොයාර් සිදු වීම සම්බන්ධයෙන් දළ මතකයක් ඇති බව පවසා ඇති ගෝඨාභය රාජපක්ෂ, පැහැර ගැනීමට ලක් වූ කීත් නොයාර් සම්බන්ධයෙන් එවකට ද නේෂන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් විසින් ඔහුව දැනුම්වත් කළාද යන්න මතක නැති බව පවසා තිබේ.

එමෙන්ම, කීත් නොයාර් ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන්, එවකට බුද්ධි ප්‍රධානී හෙන්දවිතාරණ දැනුවත් කිරීමට ඔහු විසින් (ගෝඨාභය විසින්) කටයුතු කළාදැයි පැමිණිල්ලේ නීතීඥයා ඇසූ විට එයද තමන්ට මතක නැති බව ගෝඨාභය පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *