දිට්වා ව්‍යසනය හේතුවෙන් හානියට පත්වූ උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය හෙට (02) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ, පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුකර අවසන් කර ඇති බවයි.
එම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැය කර තිබෙන බවද සඳහන්.
මේ අතර කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය ලබන ජනවාරි මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දිට්වා ව්‍යසනය හේතුවෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානියේ ප්‍රමාණය විශාල වන අතර, එම හානි යථා තත්ත්වයට පත් කිරීම සඳහා සැලසුම් සහගතව ඉංජිනේරුමය කාර්යයන් රැසක් සිදුකර තිබෙන බව සඳහන්.
එම කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRI), මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව (CGR), ශ්‍රී ලංකා යුද හමුදාව සහ ගුවන් හමුදාව ඇතුළු ආයතන රැසක් සාමූහිකව දායක වී තිබෙනවා.
විශේෂයෙන් දුම්රිය මාර්ගයට සිදුවූ හානියේ ප්‍රමාණය හඳුනා ගැනීමේ සිට ප්‍රතිසංස්කරණ කටයුතු සැලසුම් කිරීම, අවශ්‍ය ඉංජිනේරු විසඳුම් ලබාදීම සහ මාර්ගය යළි දුම්රිය ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීම දක්වා කාර්යයන් රැසක් මෙම සාමූහික මෙහෙයුම යටතේ සිදුකර තිබෙන බව සඳහන්.
හෙට සිට පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය සේවාව යළි ආරම්භ කිරීමත් සමඟ අදියරෙන් අදියර උඩරට දුම්රිය මාර්ගයේ සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් කොළඹ සිට මහනුවර දක්වා සම්පූර්ණ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම සඳහා තවදුරටත් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීමට නියමිත අතර, එම සේවාව ලබන ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා