අල්ලස් ලෙස කුකුල් මස් කිලෝවක් ගත් පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කරයි

අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඇප මත මුදාහැරීම සඳහා අල්ලස් ඉල්ලූ බවට චෝදනා ලැබූ මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය 26 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු පසුදින ඇප මත මුදාහැරීම සඳහා අදාළ පොලිස් සැරයන්වරයා විසින් යම් පුද්ගලයෙකුගෙන් අල්ලස් ඉල්ලන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වුණා.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු පදනම් කරගනිමින් මෙලෙස අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව‍යි වාර්තා වෙන්නේ.

ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර මූලික විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *