ලංගම බස් රථයක ජනේලයෙන් විසිකළ වමනය සහිත මල්ල නිසා තවත් ලංගම බස් රථයක විදුරුවට හානි – 18,000ක් මගියාගෙන් අය කරගනියි

ලංගම බස් රථයක ගමන් ගත් පුද්ගලයෙකු විසින්, එම බස් රථයේ ජනේලයෙන් පිටතට විසිකළ වමනය සහිත මල්ලක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ තවත් ලංගම බස් රථයක ඉදිරිපස වීදුරුවට වදින ලෙස සිදුවීමෙන්, එම වීදුරුව හානියට පත්ව ඇත.

මෙම සිද්ධියෙන් සිදුවූ හානිය සම්බන්ධයෙන්, එම මල්ල විසිකළ මගියාගෙන් හානියට සමාන රුපියල් 18,000ක මුදලක් අයකරගැනීමට හැටන් ලංගම ඩිපෝව කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *