අද උදෑසන සිදුවූ දුම්රිය අනතුරක් හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ඇති වූ මාර්ග අවහිරතාවය, දුම්රිය දෙපාර්තමේන්තුවේ යුහුසුළු කටයුතු හේතුවෙන් මේ වන විට සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.
ඒ අනුව, දුම්රිය ධාවනය යළි ආරම්භ කර ඇති අතර ඉදිරි කාලසටහනට අනුව ක්රියාත්මක වන ප්රධාන දුම්රිය ගමන් වාර කිහිපයක් පහත පරිදි වේ:
- කණගාටුදායක ලෙස අද දින නගරාන්තර දුම්රිය ධාවනය කිරීමට නොහැකි වුවද, අනෙකුත් දුම්රියන් සාමාන්ය පරිදි ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.
- පස්වරු 4.35ට අංක 1035 දරන කොළඹ කොටුව – ගම්පොළ දුම්රිය ධාවනය කෙරේ.
- පස්වරු 5.15ට අංක 1037 දරන කොළඹ කොටුව – පේරාදෙණිය දුම්රිය ධාවනය කිරීමට නියමිතය.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැඩි පරිශ්රමයකින් සහ කඩිනමින් කටයුතු කළ සියලු දෙනාට ස්තූතිය පුද කරනු ලැබේ.