අගමැති හරිනිගේ ප්‍රධානත්වයෙන් ඉතිහාසයේ පළමුවරට එකම දිනයකදී වැඩ අවසන් වූ නව නිවාස 5000ක් අද ජනතා අයිතියට පත් කරයි

ලෝක ජනාවාස දිනය අදට (05) යෙදී තිබේ. මෙවර දිනයේ තේමාව ලෙස ‘සැමට ප්‍රමාණවත් නිවාස’ යන්න නම් කර ඇත.

ගෝලීය වශයෙන් පවතින නිවාස අර්බුදය මෙන්ම අවතැන් වූ ජනතාව, අඩු ආදායම්ලාභීන් සහ නිවාස නොමැති පුද්ගලයන් සඳහා සුරක්ෂිත වාසස්ථාන ලබාදීමේ වැදගත්කම පිළිබඳව මෙවර අවධානය යොමු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන්නේ ලෝක ජනගහනයෙන් බිලියන 3කට වැඩි පිරිසක් අවිධිමත් නිවාසවල ජීවත්වන බවයි. එමෙන්ම නිශ්චිත වාසස්ථානයක් නොමැති ජනතාවගේ සංඛ්‍යාව බිලියන 1.1කට වැඩි බවද එම සංවිධානය පෙන්වා දෙයි.

මේ අතර, ලෝක ජනාවාස දිනය වෙනුවෙන් දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරිම අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *