ශ්‍රි ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවැති තත්වයට එයි – ලෝක බැංකුව නවතම වාර්තාවෙන් කියයි

ලංකාවට අදාලව ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන නවතම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට අර්බුදයට පෙර පැවති මට්ටම් වෙත නැවත පැමිණ තිබේ.

කෙසේ වෙතත්, ආර්ථිකයේ ප්‍රකෘතිමත් වීම තවදුරටත් අසම්පූර්ණ සහ අසමාන මට්ටමක පවතින බව ද ලෝක බැංකුව පවසයි.

කාර්මික අංශයේ සහ සේවා අංශයේ ස්ථාවර වර්ධනය හේතුවෙන්, මෙම වසරේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 4.4% කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කරයි.

ලෝක බැංකු-ව මීට පෙර පුරෝකතනය කර තිබුණේ වසර අවාසනය වන විඩ ආර්ථික වර්ධනය 3.6% ක අගයක් ගනු ඇති බවයි.

අඛණ්ඩව කාර්තු 12ක් පුරා ආර්ථිකය වර්ධනය වී ඇති අතර, 2026 වසරේ මුල් භාගයේදී දළ දේශීය නිෂ්පාදිතය 4.7% කින් ඉහළ ගොස් 2018 වසරේ පැවති මට්ටම් වෙත නැවත ළඟා විය.

කෙසේ වෙතත් දරිද්‍රතා මට්ටම තවමත් අර්බුදයට පෙර පැවති මට්ටමට වඩා ඉහළ අගයක් ගන්නා බවත්, බලශක්ති සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෑත මාසවලදී උද්ධමනය ද ඉහළ ගොස් ඇති බවත් ලෝක බැංක-ුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *