2018 වසරේදී පුත්තලම, වනාතවිල්ලුව, ලැස්ටෝස් වත්ත ප්රදේශයේ නීති විරෝධී ලෙස පුපුරණ ද්රව්ය රැස්කර තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දෙදෙනකුට වසර 10 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමට කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය නියෝග කර තිබේ.
2018 වසරේදී සිදුකළ විමර්ශනවලදී වනාතවිල්ලුව, ලැස්ටෝස් වත්ත ප්රදේශයේ තිබී නීති විරෝධී ලෙස රැස්කර තිබූ පුපුරණ ද්රව්ය සොයාගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්රියාමාර්ග ගෙන තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවලට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් කරමින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණය මෙම සිරදඬුවම් නියම කර ඇත.