ජනාධිපති අරමුදලෙන් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මෙම 10 වැනි සෙනසුරාදා දවස පුරා රුහුණ විශ්වවිද්යාල පරිශ්රයේදී පැවැත්වේ.
නොමිලේ ඇස් පරීක්ෂා කිරීම මෙහිදී සිදු කෙරෙන අතර Stroud Rotary Club සහ Wish පදනමේ දායකත්වය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
එමෙන්ම, මෙම වැඩසටහනේ පළමු අදියර පසුගියදා රජරට විශ්වවිද්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී ඇස් පරීක්ෂාවට ලක් වූ සිසුන් 316 දෙනෙකු වෙනුවෙන් ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම මෙම 17 වැනිදා එම විශ්වවිද්යාලයේදී සිදු කිරීමට නියමිතය.