කොළඹ නගරයේ ක්රියාත්මක වන මෙට්රෝ බස් සේවය නියාමනය කරනු ලබන්නේ කා විසින්ද යන්න ගැටලුසහගත බවත්, මහා භාණ්ඩාගාරය සහ සී.ටී.බී. (ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලය) මගින් මේ සඳහා මූල්ය ප්රතිපාදන ලබා දී තිබුණද, එම සේවය තුළ මගීන්ට බරපතළ අසාධාරණයක් සිදුවෙමින් පවතින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ජගත් විතාන මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන අයුරින්, මෙම මෙට්රෝ බස් රථයක ගමන් කළ හැක්කේ මගීන් 40 දෙනෙකුට පමණක් වුවද, දැනට පවතින තීන්දු අනුව මගීන්ට බස් රථය තුළ සිටගෙන ගමන් කිරීමට සිදුවී තිබේ.
මේ සම්බන්ධයෙන් ජගත් විතාන මන්ත්රීතුමා දැක්වූ සම්පූර්ණ ප්රකාශය පහත දැක්වේ:
“මම ඇනුවා මෙට්රෝ බස් කවුද නියාමනය කරන්නේ කියලා, සීටීබී එකයි මහා භාණ්ඩාගාරයි තමයි මේකට මුදල් දීලා තියෙන්නේ. හතළිස් දෙනාටයි යන්න පුළුවන්. දැනට තීන්දු කරලා තියෙනවා අකුදෙනෙක් හිටගෙන යන්න. ටිකට් එක ඩබල්. එතකොට කොච්චර අසාධාරණයක් සිද්ධ වෙනවද හිටගෙන යන එකෙනත් ගෙවනවා දෙගුණයක් ගාස්තු, වාඩිවෙලා යන කෙනෙත් ඒ ගානම ගෙවනවා. පූජ්ය පක්ෂයට වෙන කරලාම නෑ පූජ්ය පක්ෂයට හිටගෙන යන්න සිද්ධවෙලා.”