මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි දීම සඳහා, ඉදිරි නඩුවාරයකදී හිටපු රාජ්ය බුද්ධි සේවා ප්රධානී සුරේෂ් සලේ මහතා සාක්ෂිකරුවෙකු ලෙස කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
2010 ජනවාරි 24 සිට 27 දක්වා කාලය තුළ ප්රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත. ගිරිතලේ යුද හමුදා කඳවුරේ හිටපු අණදෙන නිලධාරී කර්නල් ෂම්මි අර්ජුන කුමාරරත්න ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් මෙහි විත්තිකරුවන් වේ.
දීර්ඝ කාලයක් අඩාල වී තිබූ මෙම නඩුව, මැයි මාසයේ සිට නව විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සතිපතා විභාගයට ගැනීමට නියම වී තිබුණි.