සමගි ජන බලවේගයේ (SJB) නියෝජිත පිරිසක් මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේ හමුවූ අවස්ථාවේදී, වත්මන් ආණ්ඩුව සහ ජනතා විමුක්ති පෙරමුණ (JVP) සම්බන්ධයෙන් පළ වන අසත්ය ප්රචාරයන් පිළිබඳව උන්වහන්සේ සිය අදහස් දැක්වූහ.
එහිදී සජබ නියෝජිතයින් විසින් ආණ්ඩුවට සහ ජේවීපීයට එරෙහිව නැඟූ චෝදනාවලට පිළිතුරු දෙමින් මහනායක හිමිපාණන් වහන්සේ ප්රකාශ කළේ, පදනම් විරහිත කතා විශ්වාස කළ නොහැකි බවයි.
“පෙරහැර නවත්තනවා කිව්වා… කෝ වුණේ නෑනේ? බෝම්බ ගැහුවා කියලා කිව්වට අපි කොහොමද දන්නේ? අපි දන්නවා ඇත්ත සිද්ධිය…” යනුවෙන් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළහ.