චාමර සම්පත් ඔක්තෝම්බර් 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා ඔක්තෝබර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ පොස්පේට් අපනයන බලපත්‍ර ලබාදීම සඳහා පුද්ගලික සමාගම් දෙකකින් රුපියල් ලක්ෂ 81ක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට  චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අද (12) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *