වත්මන් ආණ්ඩුව තුළ සිටින බහුතරයක් පිරිස නිරාගමික පිරිස් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ පවසනවා.
ඒ අනුව, ඔවුන් ආගමික ස්ථාන වෙත යාම සහ භික්ෂූන් වහන්සේලා බැහැදැකීම දේශපාලන අවශ්යතා මත පමණක් සිදුවන්නක් බවයි අද (12) මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.
ස්වාමීන් වහන්සේ නමක් කුමන වරදක් සිදු කළත්, සිවුර දරාගෙන සිටිනා තාක් කල් උන්වහන්සේලාට ගෞරව කළ යුතු බවත්, වර්තමානයේ එම තත්ත්වය වෙනස් වී ඇති බවත් ඔහු ප්රකාශ කළා.
රට තුළ නීතියක් නොමැති අතර, උතුරු කොරියාවේ හෝ මෙවැනි තත්ත්වයක් ඇති වී නොමැති බවත්, ඊළඟට අත්අඩංගුවට ගන්නා පුද්ගලයා ප්රකාශ කරන්නේ ජනාධිපතිවරයා විසින් බවත්, ලෝකයේ කුමන රටකවත් විරුද්ධ පක්ෂයේ සියලු දෙනා සිරගත කර ආණ්ඩු පවත්වාගෙන ගොස් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.