ජවිපෙ පෙරහැර නවත්තනවා කියලා මම කිව්වේ නෑ – විමල් වීරවංශ

ජනතා විමුක්ති පෙරමුණ බලයට පැමිණියහොත් දළදා පෙරහැර පැවැත්වීම නතර කරන බව තමන් ප්‍රකාශ කර නොමැති බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඊයේ(12) රූපවාහිනි දේශපාලන සංවාදයකට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.

කෙසේ නමුත් දළදා පෙරහැර පැවැත්වීම නතර කරන බවට පසුගිය ජනාධිපතිවරණ සමයේදී වෙනත් අය ප්‍රකාශ කර ඇති බවද ඔහු පැවසුවා.

පෙරහැර වැනි සම්ප්‍රදායික සංස්කෘතික මංගල්‍යයන් නැවැත්වීම සරල කටයුත්තක් නොවන බැවින් ආණ්ඩුවක් අනාගමික ප්‍රතිපත්තියක් දැරුවද පෙරහැර නොපවත්වා සිටීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නා.

එමෙන්ම වත්මන් පාලනය බෞද්ධ විරෝධී ස්ථාවරයක සිටියද පෙරහැර පැවැත්වීම වැළැක්වීමට ඔවුන් ක්ෂණිකව අත නොතබන බවත් යම් හෙයකින් එවැනි ක්‍රියාමාර්ගයකට යොමුවන්නේ නම් එය සිදුවන්නේ ක්‍රමානුකූල වැඩපිළිවෙළක අවසාන අදියරේදී බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

Source – News19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *