පූජ්ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු 54 දෙනෙකු කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඇතුළු ප්රදේශයේ රැඳී සිටීම වළක්වමින් කොටුව මහේස්ත්රාත් අධිකරණය ආඥාවක් නිකුත් කර ඇත.
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඔක්තෝබර් 10 වැනිදා මහනුවර දළදා මාළිගාවෙන් ආරම්භ කළ “සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන” ඊයේ (15) කොළඹට ළඟා වූ අතර, පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණියේය. ඉල්ලීමට විසඳුමක් ලැබෙන තෙක් එහි රැඳී සිටීමට පිරිස තීරණය කර තිබූ අතර, අද (16) උදෑසන වන විටත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්ව නොතිබුණි.