ශ්‍රී ලංකාවේ පළමු ඉන්සියුලින් නිෂ්පාදන කර්මාන්තශාලාවේ කටයුතු 2027 දී ආරම්භ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉන්සියුලින් (Insulin) නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු රුපියල් බිලියන 3 කට අධික ආයෝජනයකින් 2027 වසරේදී ආරම්භ කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගාල්ල කොග්ගල අපනයන සැකසුම් කලාපයේ පිහිටුවා ඇති මෙම කර්මාන්තශාලාව ප්‍රීමියම් ඉන්ටර්නැෂනල් ඉන්ජෙක්ටබල් (Premium International Injectable (Pvt) Ltd) පුද්ගලික සමාගම මගින් පාලනය වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, අවශ්‍ය කරන විධිමත් පරීක්ෂණ සහ සහතික කිරීමේ ක්‍රියාවලිය (validation process) අවසන් වීමෙන් පසු ලබන වසරේදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඉන්සියුලින් වලට අමතරව නිර්වින්දන ඖෂධ, වේදනා නාශක සහ තවත් ඖෂධ වර්ග කිහිපයක් මෙහි නිෂ්පාදනය කිරීමට නියමිත අතර, ඉදිරියේදී ඖෂධ වර්ග 33 ක් දක්වා නිෂ්පාදනය පුළුල් කිරීමට ද අපේක්ෂිතය.

ඔක්තෝබර් 17 වන දින මෙම පරිශ්‍රය නිරීක්ෂණය කළ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, ඉදිරි දශකය තුළ මෙරට ඖෂධ ආනයනය මත රඳා පැවැත්ම අඩු කිරීම සහ දේශීය ඖෂධ නිෂ්පාදනය ශක්තිමත් කිරීම රජයේ ප්‍රධාන ප්‍රමුඛතාවයක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *