බෞද්ධ විරෝධී පාලකයන් අන්තර්ජාතිකව පරාජය කරන්න කස්සප හිමි විහාරමහාදේවි උද්‍යානයට ස්ටාර්ලින්ක් උපකරණයක් ඉල්ලයි

ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා විහාරමහාදේවී උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරතව සිටින මහා සංඝරත්නය වෙනුවෙන්, ස්ටාර්ලින්ක් (Starlink) අන්තර්ජාල උපකරණයක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටරයක් සංසරණය වෙමින් පවතී.

එම පෝස්ටරයට අනුව, රජය විසින් උද්‍යානය වටා signal jammer සවි කිරීමට කටයුතු කරන බැවින්, මහසඟරුවනට ස්ටාර්ලින්ක් උපකරණයක් පරිත්‍යාග කරන ලෙස ඉල්ලා ඇත. පෝස්ටරයේ විමසීම් සඳහා දුරකථන අංකයක් ද සඳහන් වේ. බෞද්ධ විරෝධී පාලකයන් අන්තර්ජාතිකව පරාජය කිරීමට බලංගොඩ කස්සප හිමියන් මෙම ඉල්ලීම කර ඇති බව ද පැවසෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *