ශ්‍රි ලංකාවට දැන් තවදුරටත් ණය ගෙවන්න පුළුවන් – ෆිච් රේටින්ග්ස් ලංකාවේ ශ්‍රේණිගත කිරීම B- දක්වා ඉහළ දමයි

මෙරට ආර්ථිකයේ සිදුව ඇති සාධනීය ප්‍රගතිය සහ ණය නිකුත් කරන්නන්ගේ සාපේක්ෂ ණයගෙවීමේ හැකියාව ඉහළ යාම පදනම් කරගනිමින්, Fitch Ratings ආයතනය විසින් ශ්‍රී ලංකා ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණය (Sri Lanka National Rating scale) නැවත සකස් (recalibrated) කිරීමට පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම (Long-Term Local-Currency IDR) ‘CCC+’ සිට ‘B-‘ (ස්ථායී) දක්වා ඉහළ නැංවීමෙන් අනතුරුව Fitch ආයතනය විසින් මෙම පියවර ගෙන ඇති බව එම ආයතනය නිවේදනය කරයි.

ජාතික ශ්‍රේණිගත කිරීම් පරිමාණයන් යනු දේශීය ආයෝජකයින්ට ආයතනික අවදානම් නිවැරදිව හඳුනාගැනීමට සහ විශ්ලේෂණය කිරීමට උපකාර වන අවදානම් වර්ගීකරණයකි. මෙම පරිමාණය නැවත සකස් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ජාතික ශ්‍රේණිගත කිරීම් සහිත ප්‍රමුඛ මූල්‍ය ආයතන සහ සමාගම්වල ශ්‍රේණිගත කිරීම් ඉදිරියේදී ධනාත්මක ලෙස සංශෝධනය වීමට ඉඩ ඇති අතර, එම සංශෝධිත තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

රජයේ මූල්‍ය කළමනාකරණය සහ දේශීය ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ඇති විශ්වාසය තහවුරු වන මෙම පියවර, ඉදිරි ආයෝජන ප්‍රවර්ධනයට සහ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබෝධයට ද දැවැන්ත පිටිවහලක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *