හිටපු ඇමති එච්.එම් ෆවුසි අධිකරණ නියෝගය අනූව තමන් අවභාවිත කළ රජයේ වාහනය පත්තරේ මුල් පිටුවේ පල කර ජනතාවගෙන් සමාව ඉල්ලයි

අධිකරණ නියෝගයකට අනුකූලව, තමන් විසින් අවභාවිත කරන ලද රජයේ වාහනයේ ඡායාරූපයක් ද සහිතව පුවත්පතක ප්‍රසිද්ධ දැන්වීමක් පළ කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාවගෙන් අවංකව සමාව ඉල්ලා සිටීමට හිටපු අමාත්‍ය එච්.එම්. ෆවුසි මහතා කටයුතු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ අංක SC/FR 275/2024 දරන නඩුකරයේදී ලබා දුන් තීන්දුවට අනුව මෙම නිවේදනය පළ කර ඇත.

අදාළ ප්‍රසිද්ධ දැන්වීමේ සඳහන් කර ඇත්තේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පවරා තිබූ WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් රථය සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මහජනතාව වෙත තමන්ගේ අවංක සහ ඉතා සිතාමතින් යුතු සමාව ඉල්ලා සිටින බවයි.

image 20 768x1024 1 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *