චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් අල්ලස් කොමිසමෙන් අත්හිටුවයි

හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ බිරිදගෙන් රුපියල් මිලියන 120 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමට අදාල නඩුවේ ප්‍රධාන සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

“අපරාධවලින් උපයාගත් දේපළ පිළිබඳ පනත” යටතේ මෙම දේපළ තහනම් කිරීමේ පියවර ගෙන ඇති බව කොමිෂන් සභාව අධිකරණයට දන්වා තිබේ.

ඊයේ දිනයේ දී මෙම නඩුවේ තවත් සැකකරුවක-ු වන රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිනුම් කිහිපයක් සහ සුඛෝපභෝගී නිවාස කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සබාව ඊයේ දිනයේ දී පියවර ගෙන තිබුණේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *