කැබිනට් මණ්ඩල අනුමැතිය මත ඉකුත් මාර්තු මාසයේදී ස්ථාපිත කරන ලද විශේෂ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකයේ අධීක්ෂණය යටතේ, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් (SOE) 33ක් ඈවර කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සක්‍රියව සිදුකෙරෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි.
එමෙන්ම 2026 අයවැය යෝජනාවලට අනුකූලව, තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන්හි සේවකයන්ගේ සේවක අර්ථසාධක අරමුදල (EPF), සේවක භාරකාර අරමුදල (ETF) සහ පාරිතෝෂික ගෙවීම්වලට අදාළව කාලාන්තරයක් තිස්සේ පැවති හිඟ වගකීම් පියවීමට භාණ්ඩාගාරය පියවර ගනිමින් සිටී. මේ සඳහා වෙන් කරන ලද සමස්ත රුපියල් බිලියන 5ක මුදලින්, 2026 අගෝස්තු මස අවසන් වන විට රුපියල් බිලියන 2.8ක මුදලක් සම්පූර්ණයෙන්ම නිදහස් කර අවසන්ය.
මද පෙරදිග කලාපයේ හටගත් අර්බුද හේතුවෙන් අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාම, සැපයුම් දාම බිඳවැටීම සහ ඇණවුම් අවලංගු වීම වැනි දැඩි අභියෝගවලට දෙවන කාර්තුවේදී මුහුණ දීමට සිදු වුවද, 2026 වසරේ පළමු මාස හය තුළ ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය 51ක් රුපියල් බිලියන 259.3ක ඒකාබද්ධ ලාභයක් ලබා ගැනීමට සමත්ව ඇත. මෙය 2025 වසරේ අනුරූප කාලපරිච්ඡේදය තුළ වාර්තා වූ රුපියල් බිලියන 227.8ක ඒකාබද්ධ ලාභයට වඩා රුපියල් බිලියන 31.5ක කැපී පෙනෙන වර්ධනයකි.