අකුරැස්ස පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සේවයෙන් පහකිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ.
ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් කිහිපදෙනෙකු ඇසුරු කිරීම ඇතුළු විෂමාචාර චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට ලබාදුන් චෝදනා පත්‍රයට අදාළ විමර්ශනයේදී සියලු චෝදනාවලට ඔහු වරද පිළිගැනීමත් සමඟින්.
ඒ අනුව එම උපපොලිස් පරීක්ෂකවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම පසුගිය අප්‍රේල් මාසයේ සිංහල අවුරුදු දා අකුරැස්සේ පැවති අවුරුදු සාදයකට සහභාගී වූ පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 5ක මුදලක් කොල්ලකෑ බවට ද මොහුට චෝදනා එල්ල වී ඇති බව සඳහන්.