අනුරාධපුරේ ඉංග්‍රීසි ආණ්ඩු කරපු සංවර්ධනයක්වත් මේ ආණ්ඩුවට කරන්න දෙන්න බෞද්ධයන්ට බෑ, එහෙම වුනොත් බුදුදහමේ අවසානය – ගම්මන්පිල

අනුරාධපුරය යනු, ථෙරවාද බෞද්ධයාගේ හදවත බඳු ස්ථානයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

බෞද්ධ විරෝධී ආණ්ඩුවකට, බෞද්ධයාගේ හදවතට ‘සැත්කම් කිරීමට’ ඉඩ ලබාදීමේ හැකියාවක් නොමැති බවයි අද (02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආණ්ඩු බෞද්ධ නොවුණත්, බෞද්ධ විරෝධී ලෙස කටයුතු නොකළ බව ද, ඒ යුගයේ කරන ලද සංවර්ධනයක් හෝ මේ ආණ්ඩුවට සිදු කිරීමට ඉඩ ලබාදීමට බෞද්ධයින්ට හැකියාවක් නොමැති බවද ඔහු ප්‍රකාශ කළා.

එය එලෙස සිදුවුවහොත්, එය බුදුදහමේ අවසානය වනු ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *