ලංකා ඉතිහාසයේ, එදා මෙදා තුර, ඔක්තෝබර් මාසයක පැමිණ තිබෙන ඉහළම සංචාරකයන් සංඛ්‍යාව ගෙවුණු ඔක්තෝබරයේ දී රටට පැමිණ තිබේ.
සංචාරක සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන දත්ත අනුව, මේ ඔක්තෝබරයේ පැමිණ තිබෙන සංචාරකයන් ගණන එක් ලක්ෂ හැට අට දහස් හයසිය විසි පහකි.
මීට පෙර ඉහළම සංචාරකයන් පිරිසක් පැමිණ තිබූ ඔක්තෝබර් මාසය ලෙස වාර්තා වී තිබුණේ 2025 වසරේ ඔක්තෝබරයයි. ඒ ඔක්තෝබරයේ විදේශීය සංචාරකයන් 165,193 ක් ලංකාවට පැමිණ තිබුණි.