මානසික තත්වය අවුල් නිසා ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් කරයි – යෝෂිතට එරෙහිව දිගටම නඩුව යයි

මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතා සමඟ චෝදනා ලබා සිටි ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

විත්තිකාරියට නඩු විභාගයකට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක් නොමැති බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.

මේ අතර, මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කර තිබෙන චෝදනාවලට තමන් නිවැරදිකරු බව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම චෝදනා අද විවෘත අධිකරණයේ කියැවූ අවස්ථාවේදී ඔහු මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *