කවදාහරි අවන්හලකින් නරක අත්දැකීමක් ලැබිලා, ඒ ගැන සමාජ මාධ්‍යවල පෝස්ට් එකකුත් දාලා තිබුනට, නිල වශයෙන් පැමිණිල්ලක් කරලා නැහැ නේද?
ඉතින් අපි ඒ වැඩේ දැන් ලේසි කරලා තියෙනවා!
අද අපේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පැමිණිලි කරන්න අලුත් QR කේත පද්ධතියක් හඳුන්වා දුන්නා!
අපි වැල්ලවත්තෙන් පටන් අරන් මැජෙස්ටික් සිටි ආපනශාලා පරිශ්‍රය දක්වා මේ වැඩේ ගෙන ගියා.
කරන්න තියෙන්නේ QR කේතය ස්කෑන් කරලා, පොඩි පෝරමයක් පුරවලා පැමිණිල්ල යොමු කරන එක විතරයි. ඒක කෙළින්ම අපේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට (PHI) ලැබෙනවා. ඔවුන් ඒ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගනීවි.
තවත් වැදගත් දෙයක්! ඔබේ නම හෝ සම්බන්ධතා තොරතුරු නොදී වුණත් පැමිණිලි කරන්න පුළුවන්. ඔබේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා වෙනවා.
පුංචි ඉල්ලීමක්! ඔබ මිලදී ගත්ත කෑම ගැන පැමිණිල්ලක් කරනවා නම්, බිලත් කෑමත් ඔබ ළඟ තියාගන්න. කෑම නැවත අවන්හලට භාර දෙන්න එපා. අපේ නිලධාරීන්ට පරීක්ෂණ සඳහා ඒවා අවශ්‍ය වෙන්න පුළුවන්.
011 267 6161
cmchealthcomplaints@gmail.com
මේ පෝස්ට් එකේ තියෙන QR කේතය ස්කෑන් කරලත් පැමිණිලි කරන්න පුළුවන්!
මේක පටන් ගැන්ම විතරයි. ඉදිරියේදී කොළඹ 01 ඉඳන් 15 දක්වා මේ වැඩේ ව්‍යාප්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
මොකද පිරිසිදු, සුරක්ෂිත ආහාර ලබාගන්න අපි හැමෝටම අයිතියක් තියෙනවා. අපේ කොළඹ සෞඛ්‍ය සම්පන්න නගරයක් කරගන්න ඔබටත් දායක වෙන්න පුළුවන්!