2026 ඔක්තෝබර් මාසය අවසානයේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
2026 ඔක්තෝබර් මාසය අවසන් වන විට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 7,086ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ.
මෙය 2026 සැප්තැම්බර් මාසය අවසානයේදී වාර්තා වූ ඩොලර් මිලියන 6,867ක් වූ සංචිත වත්කම් ප්‍රමාණයට වඩා 3.2%ක ඉහළ යාමක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.