නිපුණතා සංවර්ධන පද්ධති පරිවර්තන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුවෙන් මුල්‍ය සහාය ලබාගැනීමේ සාකච්ඡා ආරම්භ කෙරුණා.
මූලිකව ඇමෙරිකා ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් මෙසේ ලබා ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වූ බවයි මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
මීට පෙර ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක ණය පහසුකමක් ලබා දීමට එකඟ වුණා.
ඊට අදාළ ඉතිරි ඩොලර් මිලියන 100 ඉදිරියේදී ලැබීමට නියමිතයි.
මෙම ණය මුදල් ද්වීතියික අධ්‍යාපන මට්ටමේ නිපුණතා මාර්ග ශක්තිමත් කිරීම , ගුණාත්මක හා රැකියා කේන්ද්‍රීය වෘත්තීය නිපුණතා පුහුණුව පුළුල් කිරීම , තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන මෙන්ම පුහුණු ක්ෂේත්රයේ සම්බන්ධතා ශක්තිමත් කිරීම ද ව්‍යාපෘතිය යටතේ සිදුවනවා.
දැනට පවතින මෝටර් රථ ඉංජිනේරු පුහුණු ආයතනය , මෝටර් රථ තාක්ෂණය සදහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සිදුවනවා.
තවත් පුහුණු මධ්‍යස්ථාන 40ක පහසුකම් සංවර්ධනය කරමින් ඉගෙනුම් ගුණාත්මක භාවය ඉහළ නැංවීම අපේක්ෂාවයි.
එමෙන්ම රැකියා වෙළෙදපොළේ අවශ්‍යතා සමග ගැලපීම සහතික කිරීම සහා ජාතික නිපුණතා ප්රමිතීන් 200ක් මෙන්ම විෂයමාලා හා ඉගෙනුම් ආදර්ශ යාවත්කාලීන කිරීම ද මේ යටතේ සිදුවනවා.
මෙම මූල්යා පහසුකම ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා.