විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව, 2025 වසරේදී ඔහු සතුව තිබූ රුපියල් මිලියන 29.6ක මූල්‍යමය වත්කම් රුපියල් මිලියන 23.5ක් දක්වා අඩු වී ඇති බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයා පුද්ගලික ණය 18ක් ලබාගෙන ඇති අතර, ඉන් 17ක්ම ලබාගෙන ඇත්තේ ලක්ෂ්මන් ද ෆොන්සේකා නම් පුද්ගලයෙකුගෙනි. එලෙස ලබාගෙන ඇති ණය මුදල්වල සම්පූර්ණ එකතුව රුපියල් ලක්ෂ 825කට වඩා වැඩි බව එම ප්‍රකාශයේ දැක්වේ. මීට අමතරව, හර්බට් ජයකොඩි නම් තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 84ක තවත් ණයක්ද ඔහු ලබාගෙන ඇත.
2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත අනුව, ජනාධිපතිවරයා ඇතුළු වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදිය යුතු පුද්ගලයන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ, මහජනතාවගේ දැනගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ මේ වන විට පළ කර තිබේ.