2025 මුල් මාස 06 අයවැය හිගය බිලියන 425ක් – 2026 මුල් මාස 06දී වාර්තාගත ලෙස බිලියන 09ක අයවැය අතිරික්තයක් වාර්තා කරයි

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද “2026 අර්ධ වාර්ෂික රාජ්‍ය මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවට” (Mid-Year Fiscal Position Report 2026) අනුව, ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුදල් කළමනාකරණයේ කැපී පෙනෙන ධනාත්මක වෙනසක් සටහන් වී ඇත.

ඒ අනුව 2026 වසරේ පළමු මාස 6 (ජනවාරි සිට ජූනි දක්වා) කාලය තුළ රුපියල් බිලියන 9.5 ක අයවැය අතිරික්තයක් (Budget Surplus) වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

පසුගිය 2025 වසරේ මුල් මාස හය තුළ රුපියල් බිලියන 405.6 ක දැවැන්ත අයවැය පරතරයක් (දෙපරොස්තයක්/Deficit) පැවැති අතර, ඊට සාපේක්ෂව මෙවර මෙම අතිරික්තය වාර්තා වීම රටේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින ප්‍රබල වර්ධනයක් පෙන්නුම් කරයි.

රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ක්‍රියාවලිය සාර්ථක වීම සහ රාජ්‍ය වියදම් විධිමත්ව පාලනය කිරීම මෙම ධනාත්මක පෙරළියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *