අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට කොටුව මහේස්ත්රාත්වරයා විසින් යොමු කර ඇති පැමිණිල්ලට ඇතුළත්, සටහන තම ෆේස්බුක් ගිණුමේ සදහන් කිරීම සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටීමට කථිකාචාර්ය මහින්ද පතිරණ සූදානම් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ වී. කේ. චොක්සි අද (11) අභියාචනාධිකරණයට දන්වා සිටියා.
අදාල සටහන සිදුකිරීම මගින් තම සේවාදායකයා අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බැවින් ඒ සම්බන්ධයෙන් වන සියලු කරුණු ඇතුළත් දිව්රුම් ප්රකාශයක් ඉදිරිපත් කිරිමට අපේක්ෂා කරන බවයි ජනාධිපති නීතිඥවරයා සදහන් කළේ.
අධිකරණයට අපහාස සිදුකිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්රාත්වරයා යොමු කළ පැමිණිල්ලට අදාළ නඩුකරය විභාගයට ගත් අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරුණා.