කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් විසින් මෑතකදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
ඒ අනුව, නගරාධිපතිවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදි බව ප්‍රතික්ෂේප කර ඇති අමාත්‍යවරයා, අල්ලස් පනතට අනුව රාජ්‍ය නිලධාරියෙකුට තෑගි බෝග ලබා ගැනීමට කිසිදු අවසරයක් නොමැති බව පෙන්වා දී ඇත. ඇතැම් අවස්ථාවලදී ලබා ගන්නා “පොඩි තේ එකක් වැනි දෙයක් වුවද අල්ලසක් ලෙස සැලකිය හැකිය” යනුවෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.