ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මේ වන විට අයවැය කතාව ආරම්භ කර තිබෙනවා.
එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.
* මෙම අයවැයේ උපාය මාර්ගික සැලසුම් හතක් තිබෙනවා.
* හදිසියේ භාවිතයට ගැනීමට මුදල් සංචිතයක් භාණ්ඩාගාරයට තිබිය යුතුයි. රටේ මූල්‍ය ශක්තිය විදේශ සංචිත තර කර ගැනීම සඳහා යොදාගත යුතුයි.
* 2028 ණය ගෙවාගන්න බැරි අර්බුධයක් ඇති වෙනවා කියලා විවිධ අය ප්‍රකාශ කරනවා. නමුත් අපට ණය ගෙවන්න හැකියාව තිබෙනවා.
* ආයෝජකයින්ට ආයෝජනය කිරීමට හැකි සුදුසු පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.
* නිෂ්පාදන ආර්ථිකයක් කරා රට පරිවර්තනය කිරීම අපේ අරමුණයි.
* වෙනස් වෙන ගෝලීය වෙළඳපොළට සරිලන නිපුණතා තරුණ පරපුරට ලබා දෙනවා.
* බලශක්ති වෙළඳපොල ස්ථාවරත්වය හා අඛණ්ඩතාව මෙවර අයවැයේ මූලික අරමුණක් වෙනවා.
* රාජ්‍ය යාන්ත්‍රණය නවීකරණය කරණය කිරිමට අපේක්ෂා කරනවා.
* අපේ මධ්‍යකාලීන ඉලක්කය ලෙස 7% ක් හෝ ඊට ඉහළ ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරනවා.