බලංගොඩ කස්සප හිමි රෝහලේදීම නොවැම්බර් 26 දක්වා රිමාන්ඩ් කරයි – ඇත්තටම භික්ෂුවක්දැයි සෙවීමට විමර්ෂණ අරඹයි

අනුරාධපුරදී අද දහවල් අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි ඇතුළු හත් දෙනෙක් ලබන 26 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද රාත්‍රී නියම කළේය.

චෝදනා කිහිපයක් මත අත්අඩංගුවට ගත් බලංගොඩ කස්සප හිමි මේ වන විට රෝහල් ගත කර ඇති අතර මහේස්ත්‍රාත්වරයා රාත්‍රී 11.30ට පමණ රෝහලට ගොස් කස්සප හිමි නිරීක්ෂණය කිරීමෙන් පසු එලෙස රිමාන්ඩ් කෙරිණි.

රිමාන්ඩ් කළ පිරිස අතර හාමුදුරුවරු හතර දෙනෙක් සහ ගිහි තිදෙනෙක් සිටිති.

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසකගේ පහරකෑමට ලක්ව තුවාල ලබා සිටින රාජාංගනේ සද්ධාතිස්ස හිමියෝ ද මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

පසුගිය දින කිහිපයේම වීඩියෝ දර්ශන ලබා ගනිමින් විමර්ශනයක් සිදු කරන බවත්, කස්සප හිමි නීතියට අවනත නොවී අධිකරණයටද අපහාද කරමින් කටයුතු කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එසේම බලංගොඩ කස්සප නමින් පෙනී සිටින්නේ සත්‍ය වශයෙන්ම භික්ෂූන් වහන්සේ නමක්ද යන්න ගැන ද විමර්ශනය කරන බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *