එක්නැලිගොඩ එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධ බවට කිසිදු බුද්ධි තොරතුරක් තිබුණේ නෑ – යුධ හමුදා 03වන සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිළධාරී අර්ජුන අධිකරණයේදී කියයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ බවට කිසිම අවස්ථාවක බුද්ධි තොරතුරක් නොලැබුණු බව එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පළමු වැනි චූදිත තුන්වැනි සන්නද්ධ බුදධි බලකායේ හිටපු අණදෙන නිලධාරී ශම්මි අර්ජුන කුමාරරත්න විත්තිවාචක ඉදිරිපත් කරමින් පසුගිය 12 වැනිදා ප්‍රකාශ කළේය.

එසේම මීට පෙර සාක්කි ලබා දුන් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු වූ සුමතිපාල සුරේෂ් කුමාර් අධිකරණයේදී ප්‍රකාශ කළේ එල්ටීටීඊ ක්‍රියා එක්නැලිගොඩ විවේචනය කළ බවයි.

එසේම අනිතුත් බුද්ධි අංශ ද වාර්තා ඉදිරිපත් කරමින් ප්‍රගීත් එක්නැලිගොඩ මහතා කිසිම නීති විරෝධී ක්‍රියාවකට සම්බන්ධ නැති බව තහවුරු කර තිබිණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *