මන්නාරම ද්‍රෝණියේ තෙල් ගවේෂණ සදහා කැදවා ඇති ලංසු ජනවාරියේදී විවෘත කරයි

මන්නාරම ද්‍රෝණියේ කලාප හතරක ඛනිජ තෙල් ගවේෂණ කඩිනමින් ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (18) පැවසීය.

තෙල් ගවේෂණ  සම්බන්ධයෙන් කැදවා  අැති  ලංසු   ජනවාරියේදී විවෘත කෙරෙන  බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර  වරායේ සිට කොළොන්නාව දක්වා  දිවෙන ඉන්ධන  නළ මාර්ග පද්ධතිය නවීකරණය කිරීමටද කටයුතු කරන බව හෙතෙම  සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස බිලියන 2000ක් වෙන්කර ඇති බවත් ජනතාවට  ලැබෙන  සහන මේවා  බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර කටුනායක ගුවන්තොටුපළේ ධාරිතාවය වැඩි කිරීමට අයවැයෙන්  මුදල් වෙන්  කර අැතැයි  පැවසූ නිශාන්ත ජයවීර මහතා අධිවේගී මාර්ග සහ ගුවන් පාලම් රැසක්  ඉදිකිරීමටද   කටයුතු කරන බව  සඳහන් කළේය.

විද්‍යුත් දුම්රිය මාර්ග තුනක් ඉදිකිරීමට මුදල් වෙන් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

බදු සම්බන්ධයෙන් අයවැයෙන් සහන  ලබාදී ඇති බවත් මිලියන 18ට තිබූ බදු සීමාව 19  දක්වා  වැඩිකර ඇති බවත් නියෝජ්‍ය  අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *