විදේශ රටවල වෙසෙන ශ්රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීම ඉතාමත් භයානක ක්රියාවක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්රකාශ කර තිබේ.
මේ වන විට විදේශ රටවල ලක්ෂ 60ක පමණ ශ්රී ලාංකිකයන් පිරිසක් ජීවත් වන බව පෙන්වා දෙන ඒ මහතා, එම පිරිසෙන් බහුතරයක් දෙමළ බෙදුම්වාදීන් බවට ද සඳහන් කර ඇත. ඒ අනුව, එම පිරිසට ඡන්ද බලය ලබා දීමෙන් ඇති විය හැකි තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් උදය ගම්මන්පිල මහතා මෙලෙස සිය විරෝධය සහ අනතුරු ඇඟවීම සිදු කර තිබේ.