දේශපාලනයට පැමිණීමට කිසිදු අදහසක් තමාට නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පැවසීය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ් බව සඳහන් කළේය.
“අයියා හිටියට වඩා හොඳට පරිණත වෙලා එළියට එයි. අයියා ගැන බලාපොරොත්තු මට විතරද තියෙන්නේ. ඒක ජනතාවගෙන් අහන්න. නෝමල් වෙලා ඉන්න එක ගොඩක් පහසුයි. මම කවදාවත් ඩිෆෙන්ඩර්වලින් බැහැලා නෑ. මට ඩිෆෙන්ඩරයක් තිබිලත් නෑ.” යැයිද රෝහිත රාජපක්ෂ මහතා පැවසීය.