ලබන 30 වනදා දිවයින පුරා පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අද (27) පැවති විශේෂ මධ්‍යම කාරක සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වුණේ.
ලබන 30 වනදා (සඳුදා) දිනයේ පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට සහභාගීවනවා ද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මෙම විශේෂ මධ්‍යම කාරක සභාව රැස්වීම කැඳවා තිබුණා.