2024 දෙසැම්බර් පඩිපතයි 2027 ජනවාරි පඩිපතයි පුළුවන් නම් ෆේස්බුක් දාන්න – නියෝජ්‍ය ඇමති ප්‍රසන්න ගුණසේන කියයි

රජය පඩි වැඩිකිරීමට කටයුතු කර නැතැයි චෝදනා කරන රාජ්‍ය සේවකයන් හැකිනම් 2024 දෙසැම්බර් මස වැටුප් පත සහ 2027 ජනවාරි මස වැටුප් පත එකට සමාජ මාධ්‍ය ජාලයේ පළ කරන ලෙස තමා අභියෝග කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.

පෙරේදා (26දා) මාධ්‍ය හමුවේ නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

“දැන් වැටුප් වැඩි කරලා තිබෙන්නේ. 2025 ත් වැඩි කළා. වසර 03 ක් ඇතුළත මූලික වැටුප් 60% ත්, 70% ත් අතර සෑම රාජ්‍ය සේවකයකුටම වැටුප් වැඩිවී තිබෙනවා. මම රජයේ සේවකයන්ට කියනවා 2024 දෙසැම්බර් මස පඩිපත සහ 2027 ජනවාරි පඩිපත ලැබුණු පසුව, මේ දෙකේම එකට ගත් පොටෝ එක සමාජ මාධ්‍ය ජාලාවල පළ කරන්න කියලා. මේ අභියෝගය පුළුවන් නම් ඉටුකරන්න. ඊට පස්සේ ස්ට්‍රයික් කරමු” යැයිද නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *