හෙට රටපුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනයට මුහුණ දීමට රජය සූදානම් වෙයි

අධ්‍යාපනය සහ සෞඛ්‍ය ඇතුළු අංශ කිහිපයක හෙට සිට රට පුරා ආරම්භ වීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හමුවේ සේවාවන්ට බාධා නොවන බව සහතික කරන ලෙස රජය රාජ්‍ය ආයතනවලට උපදෙස් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ රජයට වැටුප් හෝ දීමනා වැඩි කිරීමට හැකියාවක් නොමැති බවත් එවැනි වැඩිවීම් ඊළඟ අයවැයේදී පමණක් සලකා බලන බවත්ය.

“මතක තබා ගන්න, මේ ආණ්ඩුවට කෑ ගැසීමෙන් ඔබට කිසිවක් ලබා ගත නොහැක. ඔබ හඬ නැගීමටත් පෙර අපි එය ඉටු කරමුල.” ජනාධිපතිවරයා, රජයට පක්ෂපාතී වෘත්තීය සමිති නියෝජිතයන් අමතමින් පැවසීය.

සංවර්ධන කටයුතු හෝ මහජනතාවට සපයනු ලබන වෙනත් සේවාවන් මන්දගාමී නොකර ඉදිරි සතිය තුළ රාජ්‍ය අංශයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට නියෝග යවා ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි. යෝජිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මහජනතාවට අපහසුතාවයක් නොවන බව සහතික කිරීම සඳහා අවශ්‍ය විකල්ප පියවර ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දී ඇත.

දෙසැම්බර් 4 වන දින පාසල් වාරය අවසන් වන තෙක් නියමිත අධ්‍යාපන කටයුතු සහ විභාග බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් සහ පාසල් විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා වන සූදානම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයෙන් බලපෑමට ලක් නොවන බවටත්, දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති කාලසටහනට අනුව විභාග පවත්වන බවටත් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා බලපෑමෙන් තොරව පවත්වාගෙන යාම සහතික කරන ලෙස ශ්‍රී ලංකා දුම්රිය සේවයට සහ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයට ද උපදෙස් දී තිබේ.

අඛණ්ඩ සේවාවන් පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අංශයට ද උපදෙස් නිකුත් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් ඇතුළු වෘත්තීය සමිති රැසක් හෙට සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සැලසුම් කර ඇත.

ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේල අයවැය තුළින් තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බැවින්ල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට තමන් සහාය පළ කරන බවයි.

රාජ්‍ය අංශයේ සේවකයින් නියෝජනය කරන ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුණ පවසා සිටියේ, සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සමඟ ඉදිරියට යන බවත්, ඒ අනුව එහි සාමාජිකයින් දින දෙකක කාලයක් සේවයට වාර්තා නොකර සිටින බවත්ය.

ජල හා විදුලි ගාස්තු ඉහළ යාමල ප්‍රවාහන වියදම්ල ගෑස් මිල සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම වැනි ජීවන වියදම් බර දරා ගැනීමට රාජ්‍ය අංශයේ සේවකයින්ට සහාය වීම සඳහා, රුපියල් 25,000ක අතුරු ජීවන වියදම් දීමනාවක් ලබා දීම ඇතුළු ඉල්ලීම් මාලාවක් වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇත.

සමහර වෘත්තීය සමිති විසින්, විශේෂිත දීමනා වැඩි කිරීම ඇතුළුව, අදාළ අංශවලට පමණක් සුවිශේෂී වූ ඉල්ලීම් ද ඉදිරිපත් කර තිබේ.

මේ අතර, සැලසුම් කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කල් දමන ලෙස ඉල්ලා සිටීම සඳහා, තෝරාගත් වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ සාකච්ඡා ආරම්භ කිරීමට රජය පියවර ගෙන ඇත.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ඉල්ලීම් කර තිබූ “රජයේ විධායක නිලධාරීන්ගේ සංගමය” සමඟ ද මෙවැනි සාකච්ඡාවක් පැවැත්විණි. සති දෙකක් ඇතුළත ඒ සඳහා වේලාවක් ලබා දෙන බව එම සංගමයට දැනුම් දී ඇත.

සන්ඩේ ටයිම්ස් ඇසුරෙනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *