ඉස්සර කෙහෙළිය හිටපු ගෙදර, අද කෙහෙළියගේම බාල බෙහෙත් නඩුව අහනවා – ඇමති සුනිල් වටගල

අමාත්‍යවරුන් විසින් භාවිත නොකරන නිල නිවාසවල මේ වන විට තානාපති කාර්යාල ඇතුළු ආයතන ස්ථාපිත කර ඇති…

සියළු යක්ෂයින් සමග එකතු වෙලා ආණ්ඩුව පරාජය කරනවා – තුෂාර ඉදුනිල් කියයි

අලුතෙන් දුම්රිය 05ක් ගන්න ටෙන්ඩර් ක්‍රියාවලිය ඇරඹෙයි – අලුතෙන් රේල් පිලී 10,000කුත් ගනියි

ඉදිරි වසර කිහිපය තුළ දුම්රිය දෙපාර්තමේන්තුව නවීකරණය කරමින් කාර්යක්ෂම දුම්රිය සේවාවක් ඇති කිරීම සඳහා ව්‍යාපෘති රැසක්…

බැසිල් කියන්නේ දක්ෂයෙක්. එයා වගේ කෙනෙක් ලංකාවේ නැහැ – මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියයි

https://www.facebook.com/share/v/1DL5rKehQH/

ගෝඨාභය හිටියා නම් පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ නිසි ආකාරව වෙනවා – පොහොට්ටුවේ පසන් කස්තුරි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයේ සිටියේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු…

වත්තලින් දේශපාලනයට එන්න හරීන් පාසල්වල ආගම්වාදය අවුස්සනවා- ජෝශප් ස්ටාලින්

මෙතෙක් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිට ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයෙන් සිය දේශපාලන කටයුතු නැවත ආරම්භ කිරීම…

සජබ සහ එජාපය එක්ව නායකයින් දෙදෙනෙකු යටතේ ඉදිරියේදී කටයුතු කිරීමේ ඉඩක් – හරීන් ප්‍රනාන්දු කියයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරියේදී නායකයින් දෙදෙනෙකු යටතේ එක්ව කටයුතු කිරීමේ ඉඩකඩක් පවතින…

සජබ මැයි දිනේට අපිව එක්කන් යන්නේ නැද්ද කියලා ජනතාව කෝල් කර කර අපෙන් අහනවා – රෝහණ බණ්ඩාර කියයි

හෙට පැවැත්වීමට නියමිත සමගි ජන බලවේගයේ මැයි රැලිය සම්බන්ධයෙන් ජනතාව අතර “පාලනය කරගන්න බැරි තරම් උනන්දුවක්” ඇති වී…

මම ආණ්ඩුවෙත් නෑ, විපක්ෂයෙත් නෑ, පොතක් පතක් කියවාගෙන ඉන්නවා – හිටපු ජනපති මෛත්‍රී

මහා භාණ්ඩාගාරයේ මුදල් වෙනත් පාර්ශ්වයක් අතට පත් වීම සම්බන්ධයෙන් රජය සාධාරණ සහ විනිවිදභාවයකින් යුතු විමර්ශනයක් සිදු…

පෝය නිසා සජබයේ මැයි රැලියට සහභාගී වෙන්න බෑ – එජාපය නිල වශයෙන් දැනුම් දෙයි

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත්…

ඊ-මේල් ඉන්ඩෙම්නිටීස් වැඩපිළිවෙල, රෙජිස්ටර්ඩ් වයිට් ලිස්ටඩ් ඊ-මේල් ඇඩ්‍රස් වැඩපිළිවෙල, කෝල් වෙරිෆිකේෂන් වැඩපිළිවෙල අනුගමනය නොකලේ ඇයි – සජිත් අහයි

මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් විසින් සොරාගැනීමේ සිද්ධිය පාදක කරගනිමින්, හැකර්වරුන්ට හසු නොවී ආරක්ෂිතව මුදල්…

මෙට්‍රො බස් වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි,අපේ බදු මුදලින් මේවා ගෙන්නලා තියෙන්නේ – බස් ගැමුණු කියයි

“මේ මෙට්‍රො බස් වැඩේ සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්” යනුවෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය. මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ, මෙම බස් රථ ගෙන්වා ඇත්තේ මහජනතාවගේ බදු මුදල් වලින් බැවින් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට මහජනතාවට අයිතියක් ඇති බවයි. “අපේ බදු මුදල් වලින් මේ බස් ගෙන්වලා තියෙන්නේ, ඒ නිසා අපිට මේ මුදල් ගැන කතා කරන්න අයිතියක් තියනවා” යනුවෙන් ඔහු අවධාරණය කළේය. “මම බිමල්ගෙන් අහනවා, මේ ව්‍යාපෘතියට ශක්‍යතා වාර්තාවක් ගත්තද?” යනුවෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගෙන් විජේරත්න මහතා ප්‍රශ්න කර සිටියේය. වත්මන් මාර්ග පද්ධතියේ තත්ත්වය පෙන්වා දෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, “මේ හුණ්ඩු රටේ හුණ්ඩු පාරවල් වල අපේ බස් දුවන්නෙත් කොච්චර අමාරුවෙන්ද?” කියායි. පවතින මාර්ග පද්ධතිය නව මෙට්‍රො බස් රථ ධාවනයට යෝග්‍ය නොවන බව ඔහුගේ තර්කය විය.