තමන් මේ වන විට සක්‍රීය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී පෞද්ගලික ජීවිතය හා ව්‍යාපාරික කටයුතු සමඟ හුදෙකලා සහ සාමකාමී ජීවිතයක් ගත කරන බව හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.
ජනතාව තමන්ව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු තවදුරටත් දේශපාලනයේ රැඳී නොසිට, ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් ස්වකීය පෞද්ගලික ජීවිතය ඉදිරියට ගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.