ජනතාව ලබාදෙන බදු මුදල් පරිහරණය කරමින්, ආණ්ඩුව විසින් දිනකට කෝටි 50 ක ඉන්ධන සහනාධාරයක් ලබාදී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ජනතාවගේ මුදල් නැවත වරක් සහනාධාර සඳහා වෙන් කිරීම ඛේදනීය තත්ත්වයක් බවත්, ඉදිරියේදී නැවතත් ආර්ථික අර්බුදයක් ඇතිවීමට එය පෙරනිමිත්තක් විය හැකි බවයි අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෙට්‍රෝ බස් යනු ආර්ථිකයේ ප්‍රතිලාභයක් බවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසන නමුත්, එම බස් රථ අමාත්‍යවරයාගේ ‘නිවසින්’ හෝ ජනාධිපති අරමුදලෙන් ලබාදී නොමැති බවත්, ඒවා ජනතාවගේ බදු මුදල්වලින් ලබාදී ඇති බවත් ඔහු ප්‍රකාශ කළා.
මෙට්‍රෝ සමාගම යනු ලංකා ගමනාගමන මණ්ඩලයම (ලංගම) මිස, වෙනත් කිසිදු පෞද්ගලික ආයතනයක් නොවන බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කර සිටියේ.