අක්මීමන ප්රාදේශීය සභාවේ හිටපු සභාපති හපුතන්ත්රිට වසර 03ක සිරදඬුවම් සහ ලක්ෂ 75ක දඩ – දඩය නොගෙව්වොත් මාස 24ක සිරදඬුවම්
අක්මීමන ප්රාදේශීය සභාවේ හිටපු සභාපති එච්.එම්. හපුතන්ත්රි මහතා වරදකරු කරමින් අද (01) වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවම් කොළඹ මහාධිකරණය විසින් නියම කර තිබෙනවා.
එමෙන්ම රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමට සහ දඩය නොගෙවන්නේ නම් මාස 24ක සිරදඬුවම්ද කොළඹ මහාධිකරණය නියෝග කර ඇති බවයි
සඳහන් වන්නේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවරූ මෙම නඩුව කොළඹ මහාධිකරණයේ 374/2025 යන අංකය යටතේ විභාග කර කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කරනු ලැබුවා.