හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල මහතාගේ පදිංචි නිවසට කඩා වැදී මුදල් හා වටිනා බඩු බාහිරාදිය සොරාගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත නාරාහේන්පිට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
පැමිණිල්ලට අනුව, රඹුක්වැල්ල මහතා පදිංචිව සිටි බව කියන නාරාහේන්පිට නේවාසික සංකීර්ණයක මහල් නිවාසයකට නාඳුනන පුද්ගලයෙකු හෝ පිරිසක් කඩා වැදීමෙන් අනතුරුව මෙම සොරකම සිදු වී ඇත.
සොරාගත් දේපළ අතර ඇමෙරිකානු ඩොලර් 4,275ක්, ශ්‍රී ලාංකික රුපියල් මිලියන 1.4ක් මෙන්ම වටිනා ගෘහ උපකරණ හා වෙනත් භාණ්ඩ කිහිපයක් ද අඩංගු වන බව වාර්තා වේ.
මෙම සොරකමට වගකිව යු