දිට්වාවෙන් බිද නැටුණු යකඩවලට නැවත හුස්ම දුන් වැඩ කළ සියළු ආදරණීය මිනිස්සුන්ට මහනුවර ජනතාව ස්තූතිය පුද කරයි

මාස 10කට ආසන්න කාලයක් තිස්සේ අක්‍රීයව පැවති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (02) සිට යළි ආරම්භ වීමත් සමඟ, එම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ සියලුම නිලධාරීන් හා කම්කරුවන්ට මහනුවර ජනතාව ස්තූතිය පුද කරයි.

පසුගිය 2025 නොවැම්බර් මාසයේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මහවැලි ගඟ උතුරා යෑමෙන් පේරාදෙණිය – නුවර දුම්රිය මාර්ගයේ කළු පාලමට දැඩි හානි සිදුවීමත් සමඟ, මහනුවර සිට උඩරටට හා කොළඹට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම අඩාල විය. රඹුක්කන හා ගම්පොළ අතර ස්ථාන 103කට දැඩි හානි සිදුවී, විශාල නායයෑම් 36ක් ඇතුළු බහුවිධ හානි සිදුවීම් වාර්තා විය.

මෙම දැවැන්ත හානිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (NBRO) විශේෂ ඉංජිනේරු සැලසුම් හා පරීක්ෂණ ඇතුළුව, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා කම්කරුවන් දිගු කලක් තිස්සේ අඛණ්ඩව කැපවීමෙන් කටයුතු කළහ. හානි වූ ස්ථාන 97කින් බහුතරයක් ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් කරගනිමින්, අවසානයේ අද දිනයේදී සම්පූර්ණ මාර්ගයම යළි ධාවනයට එක් කිරීමට හැකි විය.

“උඩරට මැණිකේ” දුම්රිය යළි ධාවනය ආරම්භ වීම, හානියෙන් මාස ගණනක් තිස්සේ පීඩාවට පත්ව සිටි මහනුවර හා උඩරට ජනතාවට විශාල සහනයක් ගෙන දුන් අතර, යකඩවලට නැවත හුස්ම දුන් එම ආදරණීය සියලුම මිනිසුන් වෙනුවෙන් ජනතාව තම ගෞරවනීය ස්තූතිය පුද කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *