මෙට්‍රෝ බස් සේවාව මගින් ලබාදෙන සුපහසු හා ගුණාත්මක සංචාරක අත්දැකීම නිසා, සෙනසුරාදා හා ඉරිදා දිනවල නගර අතර ගමන් සඳහා මෙට්‍රෝ බස් රථ ලබාදෙන ලෙස ජනතාවගෙන් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමට ඉල්ලීම් ලැබෙමින් පවතී.
මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සමාගමේ විශේෂ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. සති අන්තයේදී බොහෝ මගීන් තම ගම්බිම් කරා ගමන් කරන අතරතුර, නගර අතර ගමන් කිරීමටද මෙම සුපහසු බස් සේවාව ලබාගැනීමට ජනතාව උනන්දුවක් දක්වමින් සිටින බව මෙම ඉල්ලීම් ප්‍රමාණයෙන් පැහැදිලි වේ.
ජනතාවගේ මෙම ඉල්ලීම් සැලකිල්ලට ගනිමින්, සති අන්තයේදී පුද්ගලික සංචාර සඳහා මෙට්‍රෝ බස් රථ කුලියට ලබාදීමේ නව සේවාවක් හඳුන්වාදීමට සමාගම දැනටමත් සැලසුම් සකස් කරමින් සිටින අතර, එය මෙට්‍රෝ බස් මෙහෙයුම් සම්පූර්ණයෙන් ආරම්භ වීමෙන් අනතුරුව ක්‍රියාත්මක කිරීමට නියමිතය.